අගුලු දැමීම (ජාතික ඇඳිරි නීතිය, නිවසේ සිට වැඩ කිරීම, පාසැල් වසා දැමීම) සහ විදේශයන්හි සිට පැමිණෙන්නන් ඇසුරු කල අය සක්‍රියව සොයා යෑම වර්තමාන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සාර්ථක විය හැකි අතර දින 10 ක් ඇතුලත නව ආසාදිතයින් බිංදුව දක්වා ගෙන ඒමට හැකි වනු ඇත.නවතම දත්තවල එය සිදුවන බවට ලකුණු තිබේ.
වෛරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ග වලට හැකි වනු ඇත. නමුත්, එය ප්‍රමාණවත් නොවන අතර දිගටම දරාගත නොහැකි විය හැකිය. ආර්ථිකය ඇණ හිට ඇත, විරැකියාව ඉහළ යනු ඇත, ව්‍යාපාර බංකොලොත් වනු ඇත, ජීවන තත්වයන් පහත වැටෙනු අතර රජයට ආදායම නැතිව යනු ඇත. සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ කිරීමට සහ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ව්‍යාපාර සහ පාසල් නැවත විවෘත කිරීමට අප ඉඩ සලසා දිය යුතුය. Continue reading