2020 නොවැම්බර් 9 – යාවත්කාලීන කිරීම
2020 අප්‍රේල් මාසයේ අප විසින් සකස් කරන ලද මෙම ඇස්තමේන්තු කිසි විටෙකත් ක්‍රියාත්මක නොවූ බැවින් අපට දැන් වඩා ඉහළ මට්ටමේ පරීක්ෂණ ධාරිතාවක් අවශ්‍ය වී තිබේ. මෙම පැහැදිලි කිරීම බලන්න. අපට හැකි සෑම විටම යාවත්කාලීන ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරන්නෙමු.
ශ්‍රී ලංකාවට අද වඩාත්ම හදිසි අවශ්‍යතාව වී තිබෙන්නේ පරීක්ෂණ අනුපාතය වැඩි කිරීම යි. දිනකට පරීක්ෂණ 250 ක් පමණ වන වර්තමාන පරීක්ෂණ අනුපාතය එක හෙළා ප්‍රමාණවත් නොවේ. එය භූතානය, මාලදිවයින සහ වියට්නාමය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා බෙහෙවින් අඩු ය. අප කොපමණ ප්‍රමාණයක් පරීක්ෂා කළ යුතුදැයි බොහෝ අය අපෙන් විමසා ඇත. අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු RT-PCR පරීක්ෂණ ධාරිතාව අරභයා අපගේ මුලික ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු මම මෙහි පළ කරන්නෙමි. එසේ කිරීමට පෙර, ආරම්භක වචන කිහිපයක්. Continue reading